Wednesday, February 17, 2010

ජීවිතේ තියෙන්නෙ අහවල් එකකටද...?

ජීවිතේ තියෙන්නෙ 
සතුටු වෙන්න නම්
දුක තියෙන්නෙ 
විදින්න නෙමෙයිද.....?

ජීවිතේ තියෙන්නෙ 
හිනා වෙලා ඉන්න නම්
කඳුල තියෙන්නෙ 
මක් කරන්නද.....?

ජීවිතේ තියෙන්නෙ 
හිමිවීම් විතරක් නම්
අහිමිවීම කියන්නෙ 
මොකකටද.....?

ජීවිතේ තියෙන්නෙ 
ජීවත් වෙන්න නම්
මරණය තියෙන්නෙ 
අහවල් එකකටද...?

7 ‍එක්වීම්:

Sandun Dasanayake said...

ජීවිතය කියන්නේ සතුට, දුක, සිනහව, කඳුල, හිමිවීම, අහිමිවීම, ජීවත්වීම, මරණය මේ හැමදේටම තමයි. ජීවිතය යනු ජීවිතයයි.

Anonymous said...
This comment has been removed by the author.
Anonymous said...

නංගී, ඔයා අමුතු කතාව ලියන්න කැමති කිව්වානේ..

ඔන්න ඕකට ඊමේල් එකක් දාන්නකෝ..ඔයාට හොදට ලියන්න පුලුවන් නිසා, අපි කැමතියි ඔයාගෙනුත් ඒකේ කොටසක් බලන්න.

amuthu-kathawak@googlegroups.com

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

ජිවීතය සුන්දරයි
ඒ අපි දුක සැප දරාගන්න තුරු පමණයි

බිඟූ said...

ජීවිතේ මල්
අම්ම ඉන්නකල්
ජීවිතේ පල්
අම්ම නොමැතිකල්

/බිඟුවා...!

බිඟූ said...

ජීවිතේ තියෙන්නෙ
ජීවත් වෙන්න නම්
මරණය තියෙන්නෙ
මැරෙන්න...


/බිඟුවා...!

dakshika said...

නියමයි...ජීවිතේ ඔහෙ යන්න ඇරල තියන එක හොදයි. ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනෙම නැනෙ...!