Sunday, September 4, 2011

අනං මනං සහ තවත් දේවල්...

මම බ්ලොග් එක ආයි ලියන්නේ කාලෙකට පස්සේ. බ්ලොග් එක ලියන එක අමතක වෙලාම ගියා. ඉස්කෝලෙ යනවා ඉගෙනගන්නවා දැනට අපේ ජීවිතය තියෙන්නේ ඒක ඇතුලේ. එතනින් එහාට හිතන්න දෙයක් ජීවිතේ ඇතුලේ නෑ. ඇත්තටම ජීවිතේ කියන්නේ මොකද්ද මොන වගේ දෙයක්ද? මට හරි ආසයි කිරිල්ලියක් වගේ හැමතැනම ඇවිදින්න. ඒත් මට ඒකට කොච්චර ඉඩක් තියෙනවාද? අයියා කියන්නේ තමුසෙට එහෙම යන්න ඕනි නම් තමුසෙගේ ගොන්පාට් වලට හරියන කොල්ලෙක් හොයාගන්නවා කියලා. අයියා ඕනි වෙලාවක ගෙදරින් එලියට යනවා. මුල් දවස්වල සෑහෙන්න බැනුම්. පස්සේ පස්සේ බනින්නේ නෑ දැන් අයියා උදේ කැම්පස් එකට යන්න ගෙදරින් එලියට බහිනකොට අම්මා පුරුද්දට වගේ රෑට ගෙදරට එනවාද කියලා අහනවා. 
            මම පොඩිකාලේ ආසවෙලා හිටියේ මාළුකාරියක් වෙන්න. මම අපේ ගෙදරට බයිසිකලේ පෙට්ටියේ මාළු තියාගෙන එන මනුස්සයාට හරි ආසයි. ඒ මට මාළු කපනවා බලන්න ඕනි නිසා. පස්සේ මගේ පෙරැත්තය හින්දා අම්මා කපපු මාළු අපේ ගෙදරට ගන්න එක නැවැත්තුවා. මට මාළු කපන වැඩේ බාරගත්තා. දැනට වුනත් මම ආසාවෙන් කරන එක වැඩක් තමා මාළු කපන එක. දැනටත් මගේ මාළුකාරියක් වෙන අදහස නැතිවෙලා නෑ. 
            අපේ අයියා කියන්නේ දැන් මට කොල්ලෙක් එක්ක යාළුවෙන්න කාලේ හරිලු. ආදරයි කියන එක හරිම අමුතු දෙයක්. මට එහෙම දෙයක් තාම ඔළුවට එන්නේ නැත්තේ මොකද කියලා කියන්න මටවත් තේරෙන්නේ නෑ. මට ඒක හරිම අමුතුයි. මගේ යාළුවා ගලීට ඉන්න කොල්ලා ගලීගේ පස්සෙන්මයි. අපි කොහේහරි යන්න හැදුවත් ඒකා අපිත් එක්ක එනවා. හරිම කරදරයක්. ඒ වගේ කරදර ඇඟට දාගන්න එක භයානක නිසා මම ආදරය ගැන තාම හිතලා නෑ. අනික ඕක කොටිවලිගේ අල්ලගත්තා වගේනේ. අතාරින්නත් බෑනේ. 
         අද ලියන්න පටන් ගත්තේ කිසිම දෙයක් ගැන ලියන්නේ නෑ කියලා හිතාගෙන හිතට එන දේවල් ඔහේ මගේ පාඩුවේ ලියනවා කියලා හිතාගෙන කොහොමත් ලියන්න අයියා නැති වෙනකම් ඉන්න ඕනි. එයා මම ලියන දේවල් බලලා ඒවා ගැන එයාගේ අදහස් කියනවා. එතකොට මම ලියන්න ඉන්න එක වෙන පැත්තකට යනවා. ඒක නිසා මම ලියලා ඉවරවුනාම තමා අයියාට කියන්නේ. පස්සේ ඉතිං එයා ඒ ගැන අදහස් දැක්වුවත් මම ලියලා ඉවරයිනේ. ඒත් කවදාවත් අයියා මම හිතන හැටි වෙනස් කරලා නෑ. එයා කියන්නේ උඹට ඕනි නම් යන තැනක පලයන්. කියලා තාත්තා නැති අඩුව අයියා මට ඕනිටත් වඩා පිරිමහලා දෙනවා. 
       ලිව්වා ඇති. අදත් අයියා මේක දැක්කාම තමුසෙට මට බටර් ගාන්නේ නැතුව මුකුත් ලියන්න බැරිද ඕයි කියලා අහයි. කමක් නෑ අහපුවාවේ. ඊළඟ එක එයාට බැනලා ලියනවා. අදට ඇති. මම නවතිනවා.. අන්තිමට අකුරු ගොඩක් වුනාට ලියපු දෙයක් නැති ගානයි..