තප්පර විස්සක් ඇතුලෙ අපි අපිවම හොයන හීනය කියන්නෙ වෙලාවකට ජීවිතයද මන්ද..
සමහර වෙලාවට ඇහැරුනාම මම මගේ අත කොනිත්තලා බලන්නෙ මම තාමත් ඒ හීනයෙ ඇතුලෙ ජීවත්වෙලා ඉන්න නිසා කියලා කිව්වොත් වැරැද්දක් නෑ.
තාත්තා හීනයක් වගේ මගේ ජීවිතේට ඇවිත් මම ඇහැරෙනකොට මාව දාලා යන්න ගිහින්. හැමදාම හවසට ජීප් එකෙන් බහින තාත්තාව මට ඒකාලෙ පෙනුනෙ සද්දන්ත යෝධයෙක් වගේ. මම ඒ ගාම්භීරත්වයට ආසාකලා. මම හැමදාම තාත්තා එනකල් මග බලාගෙන හිටියෙ තාත්ත අම්මට ගේන පුහුල් දෝසිවත්, මට ගේන ජුජුප්ස් ටිකවත් කන එකට වඩා අපේ තාත්තා ජීප් එකෙන් බහින හැටි බලන්න කිව්වොත් හරි.
එකදවසක් රෑ තාත්තා හදිස්සියෙම ගෙදරින් පිටත්වුනා. ඒ ගිහින් තාත්තා ආපහු එනකොට තාත්තට හොඳටම නින්ද ගිහින්, තාත්තට දිග හීනයක් පෙනිලද කොහෙද, ඒ හීනෙ ලස්සන හින්දද කොහෙද, තාත්තට ඇහැරුනේ නෑ. තාත්තගෙ අත කෙනිත්තුවත් තාත්තට ඇහැරුනේ නැත්තෙ මම ඉන්න ලෝකෙට වැඩිය ඒ ලෝකෙ ලස්සන හින්ද වෙන්න ඇති.
දැන් තාත්ත ගැන ලොකු මතකයක් මගේ හිතේ ඉතුරු වෙලා නෑ. ඒත් මට තාම අඩි හයක් උස යෝධයෙක් වගේ ජීප් එකෙන් බහින තාත්තගෙ රූපය මට තාම මතකයි. ඒක මට ජීවිතේටම අමතක වෙන එකකුත් නෑ. ඒක හරියට නිකං හීනයක් වගේ. ඒත් ඒ හීනෙට මම තාමත් ආදරෙයි. මගේ ජීවිතේ පුරාම මම ඒ හීනෙ ඇතුලෙ ජීවත් වෙයි.
ඒකයි කියන්නෙ ජීවිතය කියන්නෙ හීනයක්......
708 - දිඹුලාගල මතක සටහන් - 3
3 days ago
9 එක්වීම්:
අනේ මගේ නංගී...
ඒ කතාවට මට දුක හිතුනා..
හිතන්නේ නැතුව ඉන්න, ඔය වගේ දේවල්...
ඔයාටත් හැමදෙයක්ම හරියන්න කියලා ප්‍රර්ථනා කරනවා. තමන් ළගින් ඉන්න අය දාලා යනකොට දුකයි ඒත් හිත හදාගන්න පුලුවන් වෙන්න ඕන. මේ ලොකේ අපිට ලැබුනු දේවල් වලට වැඩිය නැතිවෙච්ච දේවල් වැඩියි. ඒ ගැන තේරුම් ගන්න හැමදේම හරියාවි. ඔයාට ජය
මේ ලිපිය අපි හැමෝගෙම හිත් කොනිත්තල සංවේදී මතකයන් අවදි කරනවා.
ස්තූතියි මම ලියන දේවල් මෙච්චර කියවන ඒවා මාත් එක්ක බෙදාගන්න සහෘද කැලක් ඉන්න එක කොච්චර සතුටක්ද..
එපා හිතන්න ඔහොම දේවල් අර පිස්සා කිව්වත් වගේ.
[ඔයා අමුතු කතාව ලියන්න ආසයි නේද? එකතුවෙන්න අපි එක්ක. එතකොට පුලුවනි අපි එක්ක අදහස් බෙදා හදා ගන්න.]
http://groups.google.com/group/amuthu-kathawak
හරිම දුක කතාවක් නංගි....
එක පාරටම පපුව නිකන් මොකක්ද වුන වගෙ දැනුන... ජීවිතේ හැටි තමය් ඉතින්.... හැම දෙම අනිත්යය් නෙ...
:(
dukay meya...
හරිම දුක කතාවක්..
Post a Comment