Monday, October 7, 2013

කාලෙකට පස්සේ.

කාලෙකට පස්සේ මොනවාහරි ලිව්වොත් හොඳයි කියලා හිතුනා.
ජීවිතේ ගෙවනවා කියන එක හරි අමුතු සාස්තරයක්.
බලාපොරොත්තු ගොඩක් මැද්දේ අපි ජීවත් වෙනවා. බැරිවෙලාවත් ඒ එකක් හරි නැතිවෙලා ගියොත් එතනින් එහාට ජීවිතේ අපි හිතෙනවාට වඩ වෙනස් වෙනවා.

මුලින් මම හිතුවේ ජීවිතේ නිකං පාවී පාවී ඉන්න. පස්සේ අයියා විශ්වවිද්‍යාලෙට ගියා. අයියත් එක්ක මාත් විශ්වවිද්‍යාලෙට ගියා. පස්සේ මාත් ගියා. දැන් තව අවුරුද්දකින් ඒකෙන් අයින් වෙන්න කාලේ එනවා වගේ. කසාද බඳින්න, ලමයි හදන්න, මේ වගේ දේවල් ිලස්ට් එකක් අපි ඉපදෙනකොටම අපේ ඔළුව උඩ ගොඩ ගැහිලා. මේවා කලේ නැත්නම් වදිනවා ලේබල් එකක්. සමහරවිට ඒකෙන් මිදෙන්න ජීවිතේම ගතවුනත් අමාරුවෙනවා.

අයියා ලබන සතියේ බඳිනවා. තාත්තා පොඩි කාලේ නැතිවුනාට පස්සේ මගේ ලොකු අයියාටයි තාත්තාටයි දෙන්නාටම හිටියේ අයියා. ඒ අයියා තව සතියකින් වෙන කාගෙද වෙනවා. අයියානම් කියන්නේ මට මුකුත් වෙන්නේ නෑ කියලා ඒත් අයියාට එයාගේ ජීවිතයක් තියෙන්න ඕනි. ඒ ජීවිතේට එයා ගියාට පස්සේ මමයි අම්මයි මේ ගෙදර තනිවෙනවා.

එතකොටනම් මට බ්ලොග් ලියන්න පුළුවන් වෙයි.

ආයි මොකකින් හරි හම්බවෙමු..

Sunday, September 4, 2011

අනං මනං සහ තවත් දේවල්...

මම බ්ලොග් එක ආයි ලියන්නේ කාලෙකට පස්සේ. බ්ලොග් එක ලියන එක අමතක වෙලාම ගියා. ඉස්කෝලෙ යනවා ඉගෙනගන්නවා දැනට අපේ ජීවිතය තියෙන්නේ ඒක ඇතුලේ. එතනින් එහාට හිතන්න දෙයක් ජීවිතේ ඇතුලේ නෑ. ඇත්තටම ජීවිතේ කියන්නේ මොකද්ද මොන වගේ දෙයක්ද? මට හරි ආසයි කිරිල්ලියක් වගේ හැමතැනම ඇවිදින්න. ඒත් මට ඒකට කොච්චර ඉඩක් තියෙනවාද? අයියා කියන්නේ තමුසෙට එහෙම යන්න ඕනි නම් තමුසෙගේ ගොන්පාට් වලට හරියන කොල්ලෙක් හොයාගන්නවා කියලා. අයියා ඕනි වෙලාවක ගෙදරින් එලියට යනවා. මුල් දවස්වල සෑහෙන්න බැනුම්. පස්සේ පස්සේ බනින්නේ නෑ දැන් අයියා උදේ කැම්පස් එකට යන්න ගෙදරින් එලියට බහිනකොට අම්මා පුරුද්දට වගේ රෑට ගෙදරට එනවාද කියලා අහනවා. 
            මම පොඩිකාලේ ආසවෙලා හිටියේ මාළුකාරියක් වෙන්න. මම අපේ ගෙදරට බයිසිකලේ පෙට්ටියේ මාළු තියාගෙන එන මනුස්සයාට හරි ආසයි. ඒ මට මාළු කපනවා බලන්න ඕනි නිසා. පස්සේ මගේ පෙරැත්තය හින්දා අම්මා කපපු මාළු අපේ ගෙදරට ගන්න එක නැවැත්තුවා. මට මාළු කපන වැඩේ බාරගත්තා. දැනට වුනත් මම ආසාවෙන් කරන එක වැඩක් තමා මාළු කපන එක. දැනටත් මගේ මාළුකාරියක් වෙන අදහස නැතිවෙලා නෑ. 
            අපේ අයියා කියන්නේ දැන් මට කොල්ලෙක් එක්ක යාළුවෙන්න කාලේ හරිලු. ආදරයි කියන එක හරිම අමුතු දෙයක්. මට එහෙම දෙයක් තාම ඔළුවට එන්නේ නැත්තේ මොකද කියලා කියන්න මටවත් තේරෙන්නේ නෑ. මට ඒක හරිම අමුතුයි. මගේ යාළුවා ගලීට ඉන්න කොල්ලා ගලීගේ පස්සෙන්මයි. අපි කොහේහරි යන්න හැදුවත් ඒකා අපිත් එක්ක එනවා. හරිම කරදරයක්. ඒ වගේ කරදර ඇඟට දාගන්න එක භයානක නිසා මම ආදරය ගැන තාම හිතලා නෑ. අනික ඕක කොටිවලිගේ අල්ලගත්තා වගේනේ. අතාරින්නත් බෑනේ. 
         අද ලියන්න පටන් ගත්තේ කිසිම දෙයක් ගැන ලියන්නේ නෑ කියලා හිතාගෙන හිතට එන දේවල් ඔහේ මගේ පාඩුවේ ලියනවා කියලා හිතාගෙන කොහොමත් ලියන්න අයියා නැති වෙනකම් ඉන්න ඕනි. එයා මම ලියන දේවල් බලලා ඒවා ගැන එයාගේ අදහස් කියනවා. එතකොට මම ලියන්න ඉන්න එක වෙන පැත්තකට යනවා. ඒක නිසා මම ලියලා ඉවරවුනාම තමා අයියාට කියන්නේ. පස්සේ ඉතිං එයා ඒ ගැන අදහස් දැක්වුවත් මම ලියලා ඉවරයිනේ. ඒත් කවදාවත් අයියා මම හිතන හැටි වෙනස් කරලා නෑ. එයා කියන්නේ උඹට ඕනි නම් යන තැනක පලයන්. කියලා තාත්තා නැති අඩුව අයියා මට ඕනිටත් වඩා පිරිමහලා දෙනවා. 
       ලිව්වා ඇති. අදත් අයියා මේක දැක්කාම තමුසෙට මට බටර් ගාන්නේ නැතුව මුකුත් ලියන්න බැරිද ඕයි කියලා අහයි. කමක් නෑ අහපුවාවේ. ඊළඟ එක එයාට බැනලා ලියනවා. අදට ඇති. මම නවතිනවා.. අන්තිමට අකුරු ගොඩක් වුනාට ලියපු දෙයක් නැති ගානයි.. 

Monday, March 15, 2010

අපි සාඩම්බර බ්ලොග්කාරියන් වෙමු .......!

මේ ස්ත්‍රී මාසයයි.මගේ අයියා කියන විදිහට නම් ස්ත්‍රීන්ට වෙනම මාසයක් තියෙන්නෙ අනික් මාස ඔක්කොම පිරිමින්ගෙ නිසාලු. අපි ගෑණු කියලා අපිට ස්වාධීනව කාලා ඇඳලා ජීවත් වෙන්න පුළුවන් කියලා පෙන්නන්න ඕනි තරම් උදාහරණ අපි වටේ පිටේ ඕනි තරම්. අයියා මේක කිව්වෙ විහිළුවට වුනාට ඇත්තටම එ‍හෙම හිතන අයත් නැතුව නෙමෙයි එයාලට ඉතිං කියන්න තියෙන්නෙ එයාලා තාම ගෑණු කියන්නෙ කවුද කියලා හරියට අඳුනගෙන නෑ කියලා විතරයි.

ඉතිං ස්ත්‍රී මාසයේ සටහන විදිහට මම අපේ එඩිතර කාන්තාවන් ලියන මේ බ්ලොග් ටික එකතු කරන්න හිතුනා.
  1. මලී අක්කා ගේ ඇබ්නෝමල් මයින්ඩ්ස්
  2. ෆා අක්කා ගේ බ්ලොගීගේ ඩයරිය
  3. මධු අක්කාගේ මධූගේ දිනපොත
  4. ඉල් අක්කාගේ Il Mondo di Una Povera Pazza
  5. සිතූ අක්කාගේ සිතූගේ සිතුවිලි
  6. දිල්මීණි අක්කාගේ අහස් වියන
  7. පුෂ්පා නැන්දාගේ පුලින තලාව
  8. ඩීප් අක්කාගේ DeepS ගේ අනං මනං ලෝකය
  9. නෙරංජි අක්කාගේ රෝස වලාකුළු 
  10. සූ අක්කාගේ හද බිඳි සර
මම බ්ලොග් ලිවිල්ල පටන් ගන්න කොට බැලුවේ තව කාන්තාවන් කී දෙනෙක් බ්ලොග් ලියනවද කියලා. ඉතිං මට හමුවුනේ මේ අය. ඉතිං මගේ ලිවීම පටන් ගන්නෙ මේ අය හින්දා කිව්වොත් ඒකෙ වැරැද්දක් නෑ.  ඒක හින්දා මේ ස්ත්‍රී මාසයේ මම මේ ‍පෙරගමන්කාරියන්ට ස්තූතියක් ලබාදෙන්න ඕනි. අවාසනාවට මම සියළු බ්ලොග්කාරියන් අඳුනන්නේ නම් නෑ. ඉතිං උදව්වක් විදිහට තව දන්න බ්ලොග් කාරියන් ඉන්නවනම් එයාගෙ නමයි, බ්ලොග් එකේ නමයි ඇඩ්‍රස් එකයි දාලා යන්න. මේ අතරට මට අහුනොවුනු තවත් බ්ලොග් කිහිපයක් තියෙනවා මේ ගැන කියපු හැමෝටම මගේ ස්තූතිය.
   11. අසංකා අක්කගෙ හිතුවක්කාරිගේ සිත් යාය... 
   12. දිල්ගේ අක්කාගෙ අතීතයෙන් අහුලන මතකයන්
   13. චේජනා අක්කගේ චේජනාගේ පිටුව
   14. විශ්මි අක්කත් ලියන සිහින සෙවණැලි
   15. රන්දිල් අක්කගේ නිදහස් සිතුවිලි
   16. ජයනි අක්කගෙ වැහි කිරිල්ලි
   17. ජීවිතේමල්ගෙ සංසාරේ අපි.. 
   18. නිමන්ති අක්කගෙ  මන්දාකිණිය…
   19. සමනලී අක්කගෙ සමනලීට හිතෙන හැටි…….
   20. හිපෝගෙ  VOicE of a HiPo...

      අපි සාඩම්බර බ්ලොග්කාරියන් වෙමු .......!