කාලෙකට පස්සේ මොනවාහරි ලිව්වොත් හොඳයි කියලා හිතුනා.
ජීවිතේ ගෙවනවා කියන එක හරි අමුතු සාස්තරයක්.
බලාපොරොත්තු ගොඩක් මැද්දේ අපි ජීවත් වෙනවා. බැරිවෙලාවත් ඒ එකක් හරි නැතිවෙලා ගියොත් එතනින් එහාට ජීවිතේ අපි හිතෙනවාට වඩ වෙනස් වෙනවා.
මුලින් මම හිතුවේ ජීවිතේ නිකං පාවී පාවී ඉන්න. පස්සේ අයියා විශ්වවිද්‍යාලෙට ගියා. අයියත් එක්ක මාත් විශ්වවිද්‍යාලෙට ගියා. පස්සේ මාත් ගියා. දැන් තව අවුරුද්දකින් ඒකෙන් අයින් වෙන්න කාලේ එනවා වගේ. කසාද බඳින්න, ලමයි හදන්න, මේ වගේ දේවල් ිලස්ට් එකක් අපි ඉපදෙනකොටම අපේ ඔළුව උඩ ගොඩ ගැහිලා. මේවා කලේ නැත්නම් වදිනවා ලේබල් එකක්. සමහරවිට ඒකෙන් මිදෙන්න ජීවිතේම ගතවුනත් අමාරුවෙනවා.
අයියා ලබන සතියේ බඳිනවා. තාත්තා පොඩි කාලේ නැතිවුනාට පස්සේ මගේ ලොකු අයියාටයි තාත්තාටයි දෙන්නාටම හිටියේ අයියා. ඒ අයියා තව සතියකින් වෙන කාගෙද වෙනවා. අයියානම් කියන්නේ මට මුකුත් වෙන්නේ නෑ කියලා ඒත් අයියාට එයාගේ ජීවිතයක් තියෙන්න ඕනි. ඒ ජීවිතේට එයා ගියාට පස්සේ මමයි අම්මයි මේ ගෙදර තනිවෙනවා.
එතකොටනම් මට බ්ලොග් ලියන්න පුළුවන් වෙයි.
ආයි මොකකින් හරි හම්බවෙමු..
135 සහ 495. සියපතක මකරන්ද සුවඳ වින්දෙමි...
5 weeks ago

