"අර දෙන්නා පේනවද?"
අයියා ඇහුවෙ එහා බංකුවක ඉන්න කපල් එකකට අත දික් කරන ගමන්
"අනේ පව්"
"පව් කියන්නෙ මොකද"
"ඉතිං එයාලගෙ ඇස් පේන්නෙ නෑනෙ"
අයියා හයියෙන් හිනා වෙන්න ගත්තා. මට කේන්ති යන්නෙ අයියගෙ ඔය විකාර වැඩ වලට තමයි. මේ ලෝකෙ තේරුමක් නැති දේවල්වලට හිනා වෙනවා.
"තමුසෙලාගෙ ඉස්කෝලෙ පොත්වල මේවා උගන්නන්නෙ නෑ ඒත් ඉතිං මොලේ තියෙන එකේ කල්පනා කරලා බලනවා"
"මම දන්නෙ නෑ මම නම් සාමාන්‍යයෙන් කෙල්ලෙක්ගෙන් කැමතිද කියල අහන්නෙ එයා ලස්සනනම් තමයි බලනව තමුසෙගෙ යාළුවො වුනත් මම වගේ හැන්ඩියෙක්ට මැරෙන්න හදන්නෙ වචනයක්වත් කතා කරල නෙමෙයිනෙ"
"අනේ තමුසෙගෙ ලස්සන පිස්සා"
අයියා උස හින්දත් සුදු හින්දත් පොඩි ලස්සනකුත් නැතුව නෙමෙයි. අපරාදෙ ටිකක් ඇඟපතවත් තිබුනනම්. අපරාදේ...............
"දැන් බලනව මේ බිලයින්ඩ් කපල් එක සෙට් වෙන්න ඇත්තෙ කොහොමද. තමුසෙ මට කොණ්ඩෙ කපන්න රැවුල කපන්න පිලිවෙලට ඉන්න කියනව නේද? ඒ මදිවට තමුසෙ මගේ ඇඳුමුත් හෝදනව. සහෝදර ප්‍රේමය තියෙන්නෙ රැවුලෙද , කොණ්ඩෙද, නැත්නම් මගේ ඇඳුමෙද ? තමුසෙගෙ යාළුවො හම්බවෙන්න එනකොට නම් පිලිවෙලට එන්නෙ ඔය කෙල්ලො තමුසෙට කෝචොක් එක දාන හින්ද. මොනා වුනත් තමුසෙ මගේ නංගිනෙ"
මම අයියා දිහා බැලුවා. අයියො දෙවියො මාවත් ටිකක් උස කලා නම් මේකාගෙ මූණ බලන්න බෙල්ල උළුක් කරගන්න වෙනවනෙ.
"යනව යනව නැත්නම් මට අම්මගෙන් බැණුම් තමුසෙට නාඩගම් පෙන්නනවා කියලා"
ගෙදර ඇවිදින් වොෂ් එකක් දාගෙන ඇඳේ ඇලවුනා. ඇත්තටම ඒ කපල් එක යාළු වෙන්න හේතුව මොකක් වෙන්න ඇතිද..?
709 - දිඹුලාගල මතක සටහන් - 4
1 day ago
2 එක්වීම්:
ආදරය මිසක් වෙන මොකද්ද...
ආදරයත් අන්ධයි කියලා තියෙනවනේ
/බිඟුවා...!
අනේ මේ ඇටිකිචි කෙල්ලෙක් හිතන දේවල්ද මේවා??
ඉස්සර අපේ යුනි. එකේ කපල්ස් ගනනාවක්ම හිටියා අන්ධ. මාත් ඉස්සර ගොඩාක් වෙලා යනකල් උන් දිහා බලන් ඉන්නවා.. මට හිතෙන්නේ ඒ ගොල්ලෝ අපිට වඩා අනිත් කෙනාගේ හිත් අදුන ගන්න දක්ෂ ඇති... මාරයි තමා..
Post a Comment