Monday, March 15, 2010

අපි සාඩම්බර බ්ලොග්කාරියන් වෙමු .......!

මේ ස්ත්‍රී මාසයයි.මගේ අයියා කියන විදිහට නම් ස්ත්‍රීන්ට වෙනම මාසයක් තියෙන්නෙ අනික් මාස ඔක්කොම පිරිමින්ගෙ නිසාලු. අපි ගෑණු කියලා අපිට ස්වාධීනව කාලා ඇඳලා ජීවත් වෙන්න පුළුවන් කියලා පෙන්නන්න ඕනි තරම් උදාහරණ අපි වටේ පිටේ ඕනි තරම්. අයියා මේක කිව්වෙ විහිළුවට වුනාට ඇත්තටම එ‍හෙම හිතන අයත් නැතුව නෙමෙයි එයාලට ඉතිං කියන්න තියෙන්නෙ එයාලා තාම ගෑණු කියන්නෙ කවුද කියලා හරියට අඳුනගෙන නෑ කියලා විතරයි.

ඉතිං ස්ත්‍රී මාසයේ සටහන විදිහට මම අපේ එඩිතර කාන්තාවන් ලියන මේ බ්ලොග් ටික එකතු කරන්න හිතුනා.
  1. මලී අක්කා ගේ ඇබ්නෝමල් මයින්ඩ්ස්
  2. ෆා අක්කා ගේ බ්ලොගීගේ ඩයරිය
  3. මධු අක්කාගේ මධූගේ දිනපොත
  4. ඉල් අක්කාගේ Il Mondo di Una Povera Pazza
  5. සිතූ අක්කාගේ සිතූගේ සිතුවිලි
  6. දිල්මීණි අක්කාගේ අහස් වියන
  7. පුෂ්පා නැන්දාගේ පුලින තලාව
  8. ඩීප් අක්කාගේ DeepS ගේ අනං මනං ලෝකය
  9. නෙරංජි අක්කාගේ රෝස වලාකුළු 
  10. සූ අක්කාගේ හද බිඳි සර
මම බ්ලොග් ලිවිල්ල පටන් ගන්න කොට බැලුවේ තව කාන්තාවන් කී දෙනෙක් බ්ලොග් ලියනවද කියලා. ඉතිං මට හමුවුනේ මේ අය. ඉතිං මගේ ලිවීම පටන් ගන්නෙ මේ අය හින්දා කිව්වොත් ඒකෙ වැරැද්දක් නෑ.  ඒක හින්දා මේ ස්ත්‍රී මාසයේ මම මේ ‍පෙරගමන්කාරියන්ට ස්තූතියක් ලබාදෙන්න ඕනි. අවාසනාවට මම සියළු බ්ලොග්කාරියන් අඳුනන්නේ නම් නෑ. ඉතිං උදව්වක් විදිහට තව දන්න බ්ලොග් කාරියන් ඉන්නවනම් එයාගෙ නමයි, බ්ලොග් එකේ නමයි ඇඩ්‍රස් එකයි දාලා යන්න. මේ අතරට මට අහුනොවුනු තවත් බ්ලොග් කිහිපයක් තියෙනවා මේ ගැන කියපු හැමෝටම මගේ ස්තූතිය.
   11. අසංකා අක්කගෙ හිතුවක්කාරිගේ සිත් යාය... 
   12. දිල්ගේ අක්කාගෙ අතීතයෙන් අහුලන මතකයන්
   13. චේජනා අක්කගේ චේජනාගේ පිටුව
   14. විශ්මි අක්කත් ලියන සිහින සෙවණැලි
   15. රන්දිල් අක්කගේ නිදහස් සිතුවිලි
   16. ජයනි අක්කගෙ වැහි කිරිල්ලි
   17. ජීවිතේමල්ගෙ සංසාරේ අපි.. 
   18. නිමන්ති අක්කගෙ  මන්දාකිණිය…
   19. සමනලී අක්කගෙ සමනලීට හිතෙන හැටි…….
   20. හිපෝගෙ  VOicE of a HiPo...

      අපි සාඩම්බර බ්ලොග්කාරියන් වෙමු .......!

31 ‍එක්වීම්:

Madhawa Habarakada said...

සුභ පතනව බ්ලොග්කරණය තුළ හොඳ අනගතයකට.

Udara || උදාර ධර්මසේන said...

ඔයාගේ කාන්තා බ්ලොග් ලැයිස්තුවට තව එකක් එකතු කරගන්න..
http://mitiyaawatha.blogspot.com/

මේක ලියන්නේ අසංකා කියලා කෙනෙක්.. ළඟදී වැඩේට බැස්සට හොඳ හැකියාවක් තියෙනවා හැමදේටම මේ ළමයටත්..

ඔයාගේ ලැයිස්තුවේ ඉන්න හුඟක් දෙනෙක් මම අඳුනනවා.. තව ගෑණු ළමයි වැඩි වැඩියෙන් බිලොග් කලාවට එකතු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. අපේ පැත්තෙන් උදව්වක් ඕනේ උනොත් කියන්න.. අපි Eveready !! :D

sansarasidu said...

මන්දාකිණි ට,
නංගී සයිබර් අවකාශයේ පියසලන්නට පටන් ගත් ඔබට තවත් නවකයෙක්ගෙන් සුබ පැතුම් !
මාත් මේ සයිබර් අවකාශයේ සැරිසරන්න අරගෙන තවම වැඩි කාලයක් නෑ. ඒත් ඒ ටික කාලෙට මං හුඟදෙනෙක් ව අඳුන ගත්තා. ජීවිතෙ කවම කවදාකවත් දැකල නැති මේ අය මගේ සැබෑ මිතුරන් තරමටම මට සමීපයි.
ඉදින් ඇත්තටම සාඩම්බර සිංහල බ්ලොග්කාරියක් විදිහට ඔබ ආඩම්බර වෙනවා නම් එය එසේ විය යුතු යැයි මම ද පවසමි. මන්දයත් මේ සයිබර් අවකාශයේ මා දැන හැඳින ගත් බොහෝ දෙනාද ඔබ වැනිම සාඩම්බර සිංහල බ්ලොග්කාරියන් බැවිනි.
පිවිස බලන්න …
1)දිල්ගේ - “අතීතයෙන් අහුලන මතකයන්“
http://atheethayen.blogspot.com/

2)චේජනා අක්කගේ - “චේජනගේ පිටුව“
http://chejanas.blogspot.com/

3)විශ්මි නංගිලගෙ - “සිහින සෙවණැලි“
http://sihinasewanali.blogspot.com/

4)රන්දිල් අක්කගේ - “නිදහස් සිතුවිලි“
http://ranrandil.blogspot.com/

5)ජයනි නංගිගේ - “වැහි කිරිල්ලි“
http://ranrandil.blogspot.com/

සරදියල් said...

මම හිතන්නේ මෙන්න මේ ටිකක් ඔයාගෙ ලිස්ට් එකට add වෙන්න ඕනෙ

http://sansaare.blogspot.com
http://nimanthi.wordpress.com
http://punchisamanalee.wordpress.com

සුබ පැතුම් දිගටම ලියන්න. සිංහල බ්ලොග් අවකාශයේ කාන්තා නියෝජනය වැඩිවීම් දැකීම ඉතා සතුටුදායකයි

Amila Chathuranga said...

සයිබර් එක ඇතුලෙ තියෙන්නෙ වෙන්මම ලෝකයක්.......ඒක ඇතුලෙත් අපි ගෑනු පිරිමි මල් පලතුරු කියල වෙන් වෙන්න නරකයි........එකම මිනිහ තුල තමා ගොඩක් චරිත ඉන්නෙ.......වයිෆ්ට සරස්වතියට වගෙ සලකල ,,,,,දෙමාපියො ඇනීල(ලමයි බලන අය) විදිහට තියාගැනීමට ගොඩක් අය දෙමාපියන්ට සැල කීම කියල කියනවා.....

Raven said...

සුබ පැතුම් නංගී. දිගටම ලියන්න. ඔබට ජය.

budhajeewa said...

එළ එළ, බොක්ක හොඳේ!

[said:indi]
සයිබර් එක ඇතුලෙ තියෙන්නෙ වෙන්මම ලෝකයක්.......ඒක ඇතුලෙත් අපි ගෑනු පිරිමි මල් පලතුරු කියල වෙන් වෙන්න නරකයි........
[/said]

සිරාවට, ඔය මනස්ගාත "ඇත්ත ලෝකෙට" විතරක් තියාගන්න. ගෑණුද - පිරිමිද, ලොකුද - පොඩිද, නගරෙද - ඩොටේද කියල බලන්නෙ නැතිව මෙතනවත් මනුස්සයො වගේ ඉමු?

දයියා said...

මනිදාකිණී
මටනං පුත්තලං බූරුවො බර ගානක වයස. ඒත තාම බ්ලොග් ලෝකෙ දනගානවා. අපේ පුංචි කොලු කුරුට්ටො කෙලි කිරිට්ටියො අපි ඉස්සරහ යෝදයෝ වාගේ. පුදුම සතුටක් දැනෙනව උඹල ගැන.
සුභ දවසක්

මන්දාකිණී said...

අනේ මම වෙන්වෙන්න හැදුවා නෙමෙයි. මම හැදුවේ තවත් බ්ලොග් ලියන අක්කලට නංගිලට පොඩි දිරියක් දෙන්න. මොකද මාත් බ්ලොග් එකක් ලියනවානම් හැමෝටම පුළුවන් නේද.
@මාධව අයියා
ස්තූතියි අයියේ.
@උදාර
ගෑණු ලමයි විතරක් නෙමෙයි හැකි හැමෝම එන්න කියලා ප්‍රාර්ථනාවක් කරමු.
@sansarasidu
ස්තූතියි අයියේ මම ඒ ටිකත් එකතු කරන්නම්

මන්දාකිණී said...

@සරදියල්
ස්තූතියි අයියේ එකතු කරන්නම්.
@budhajeewa
බොක්ක බොක්ක! :)
වැදගත් වෙන්නෙ අපි ඔක්කම එක පවුලක් වෙනවා කියන එකනෙ අයියේ. ‍
@දයියා
අපෝ වයස නම් මොනාද. වයස අමතක කරන්න කොහොමත් වයසින් නම් නිර්මාණකරණයට බලපාන්නේ නෑ නේද?

Unknown said...

තව ගොඩක් අය ඉන්නවා. බටුවන්ගල විද්‍යාලයේම ගෑණු ළමයි ගොඩක් බ්ලොග් ලියනවා. ඒ පැත්තෙත් පොඩ්ඩකට ගොඩවෙලා බලන්න. මේ පහල දැක්වෙන පිටුවට ගියහම ළමයිනගේ බ්ලොග්වලට links තියෙනවා. http://www.batuwangala.sch.lk/

ඔබට සුභ පතනවා! ජය වේවා!!

Thejan said...

hmmm. කෙල්ලො සද්ද නැතිවම වැඩ පටන් අරන් වගේ. වැඩිය උඩ පනින්නේ නැති වුණාට මේ යන විදිහට ලංකාවේ සේරම කෙල්ලන්ට ‍බ්ලොග් එකක් තියෙන දවසකුත් එයි වගේ ඉක්මනටම.

සුන්දරයි හැමෝම තමන්ගේ අත්දැකීම් බෙදාගන්නට මේක මාධ්‍යයක් කරගන්න එක.

හැබැයි ඕක ගැන වැඩිය posts දාන්න එපා.

අපේ blogs වල political වලට අදාල දේවල් ලියනවා කියලා ඒවා Political කියලා වෙනම category එකකටම ඔබපු කාලිංග ඔයාලවත් බ්ලොග්කාරියන් කියලා තව එකකට පන්නන්න පුලුවන්...3

තව දෙයක්... anonymous විදිහට ලියන්නෙ නැතිනම් ගෑණු ළමයි ලියන දේවල් පරිස්සමින් තෝරගෙන බලලා ලියන්න. අපේ (වික්ටෝරියානු)සංස්කෘතිකමය කුහක මානසිකත්වයට ගැටලුවක් වෙන දේවල් ලියලා තමන්ගේ ජීවිතේට හානිකර බලපෑමක් කර ගන්න එපා. (ඔයාට නෙවෙයි, පොදුවේ කීවේ හොඳද?)

http://lankanthoughts.wordpress.com

Thejan said...

තව දෙයක් අමතක වුණා. ‍බ්ලොග් ලියන ‍සේරම අක්කලා විතර ද ? මෙයා විතරයි ද නංගියෙකුට ඉන්නේ ... :)

මන්දාකිණී said...

@Thejan
දන්නෙ නැතෝ...... මම ලියන්නෙ මට දැනෙන දේවල් ඒවා විවේචනය කරන එක බලන අයගේ දෙයක්. ඒ විවේචනයෙ හරි නිර්මාණයේ ස්වාභාවය අනුව ඒක කරන එක්කෙනා කොයි වගේද කියලා අපිටම තීරණය කරන්න පුළුවන් වෙයිනෙ. මම හිතන්නෙ බහුතරයක් කොටුවුනේ නැති නිදහසේ හිතන අය බ්ලොග් ලියනවා කියලයි. ස්තූතියි අයියේ..

Anonymous said...

අද තමා මම මේ ඔයාගේ බ්ලොග් එක දැක්කේ.ඉතින් සුභ පැතුම්...!!! මගෙනුත් දිගටම ලියන්න.

බලන්නකො මේ තවත් කාන්තා ියෝජනයක්.
http://hipo-thoughts.blogspot.com/

සරදියෙල් මල්ලී බොහොම ස්තුතියි..!! 'මන්දාකිණිය' ගැන 'මගේ ලෝකය' නංගිට කිව්වට.
ආ තව දෙයක්..මම නම් අනිවාර්යයෙන්ම අක්කා තමා ඒ නිසා බය නැතුව මට අක්කා කියන්න.:-)D

thilinadevinda said...

හැමදාම හොයපු,
උඹව ආයෙමත් මන් දැක්කා,
උඹෙ හිනාව - ලොකු ඇස්,
කොට කොණ්ඩෙ - හොර බැල්ම,
පැත්තෙන් හිනා වෙන හැටි,
කෙස් රොද හදන හැටි,
මන් බලාගෙන උන්න,
උඹට හොරෙන්...

සිය දහසක් පතපු,
ආදරය, සෙනෙහස,
උඹම හෑල්ලු කරපු හැටි,
මතක් වෙද්දි,
මගෙ උපැස් අතරින්,
රූරා හැලෙන්න සිත් දුන්න,
කඳුලු වලට මන් එපා කිව්ව..
ඒත් බැමි අතර තෙරපුන කඳුලු,
මටත් නොකියාම,
දෙකොපුල් අතර වියැකුණා...

ආයෙමත් බැලුවා මන්,
ඒ උඹමයි මට,
ඒත් ඒ උඹ නෙමෙ,
වෙනදට දුර,
රාජගිරියට ඉක්මනට ආව අද,
අහක බලන් උන්න උඹ දිහා,
අන්තිම පාරටත් බැලුව මන්,
උඹ තනියෙම හිනා වෙනවා,
මන් හැමදාම පැතුවෙ ඒක,
මන් බහින්නම්,
මතකය හොදටම ඇති මට.

උඹට දිගාසිරි...!

ආගන්තුකයා | Stranger said...

හිතුවට වඩා සෑහෙන දෙනෙක් කාන්තාවො ලියනවනෙ.. ජයවේවා. ඒත් ඉතින් කාන්තාවො කියලා වෙන් වෙන්න හදනවනම් එතනම අවුලක් තියෙනවා. හොඳයි හොඳයි..

ආගන්තුකයා | Stranger said...

ලිහිණි අක්කගෙ ලිහිණිසර ඒ වගේම බූන්දියටත් සෑහෙන්න කාන්තාවො ලියන්න දායක වෙනවා

Mandy said...

කාන්තා පක්ෂයට බ්ලොග් ලියන්න දිරි දෙන්න නංගි ලියුව ලිපියට ගොඩක් ස්තුතියී....
ඔයත් දිගටම ලියන්න... මමත් සෑහෙන්න ප්‍රචාරයක් දෙනවා මේ වැඩේට... සුභ පැතුම්..!!


නංගි ඒක් නෙමේ.. අපේ බෝ අක්කිත් බ්ලොග් ලියුවා....

Mandy said...

අමතක උනනේ.... ඇයි අපේ අනූ අක්කිත් බ්ලොග් එකක් ලියනවනෙ

http://angelanuz.blogspot.com/

අහිංසකි said...

ෂා හොද වැඩක් මේක නම්
ඔන්න ඉතින් මාත් ආව.
මෙන්න මගේ ලින්ක් 1ක මාත් ලියනවානේ


http://ahinsaki.blogspot.com/

Srimanjula said...

පාන්දරම ඇවිදින් බැලුවත් හනිකේ
මේ ලිපියම දැකල දැන් මගෙ හිස කැරකේ
ඉස්තිරි මාසෙ ඊයෙන් ඉවරයි මැණිකේ
අලුතින් යමක් අදවත් දාහං මේකේ

බිඟූ said...

etakoata pirimi blog ekatu karanne kavuda dan

ශාකුන්තල | Shaakunthala said...

:D
Happy Womens' Day to you all!

(තව විනාඩි හතලිහක් පරක්කු වුණා නං මේ කමෙන්ට් එක දාන්නෙ නෑ -- just kidding)

ශාකුන්තල | Shaakunthala said...

O_ops! ඔයාගෙ බ්ලොග් එකේ timezone එක අවුල්..

Anonymous said...

ගොන් මජර බිඟුවෝ,

පිරිමි බ්ලොග් එකතු කරන්නේ කාලිංග බන්.. උඹ ඒක දන්නේ නැද්ද?

/Anonymous...!

RanDil said...

සුභ පැතුම් නංගී,

අදයි මම ඔයාගේ ලිපි දැක්කේ. කාන්තාවන් වශයෙන් අපිට ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන්, අන්තර්ජාලය ගැන වගේම පරිගණක ක්ෂේත්‍රය පිළිබඳව මනා දැනුමක් ඇති අපේ සහෝදරයින් සමඟ හරි හරියට බ්ලොග් ලියන්න අපට හැකී වීම පිළිබඳව.
අපේ සහෝදර පිරිස සමඟ සහයෝගයෙන් ඒ කටයුත්ත දිගටම කරගෙන යමු නේද?

Kandulu Binduwa said...

ඔන්න අපිත් එකතු වුනා..අපි තාම අලුත් හෑබෑයි..
http://punchikandulu.blogspot.com/

Teena said...

හනේ සොරි නංගියෝ...අදමයි මේ බ්ලොග් එක දැක්කේ...! ලිස්ට් එකේ මාව දැක්ක සතුටටත් එක්ක පුංචි දෙයක් කියන්න හිතුනා..!
ජීවිතේට මම දැකපු ලස්සනම මිනිස්සු කොට්ඨාෂය ඉන්නේ මේ බ්ලොග් අවකාශයේ..! වර්ගීකරණයක් නැතුව හැමෝම එක්ක තමන් දන්න නොදන්න දේ ලෝබ නැතුව බෙදා ගන්න හැටි දැක්කම මටත් මුලදි පුදුම හිතුනා..ඉතිං අපිත් එක්කම අපට අත හිත දෙන අපේ සහෝදරයන් පිරිසත් අපි අමතක කරන්න හොඳ නෑනේ...! ඔයාගේ ලිපියෙන් මම තවත් දිරිමත් උනා.. ඉතිං බ්ලොග් ලියනතාක් කල් අපි හැමෝම එකා වගේ ඉඳිමු නේද?
ඔයාවත් බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගන්නවා..!

Unknown said...

ෂා...... නියමයි.

අදයි දැක්කේ මේ බ්ලොග් එක. මමත් ටිකක් අළුත් බ්ලොග්් අවකාශයට...

සුන්දර හිත් ඇති අයයි මේ බ්ලොග් අවකාශය තුළ ඉන්නේ,ඇත්තටම බ්ලොග් අවකාශයට ආවම දවස ගෙවෙනවා දැනෙන්නේ නෑ, හිතේ තියෙන ප්‍රශ්න ඔක්කෝම අමතක වෙනවා.

ඕං ඉතින් මන්දාකිණි මගේ නමත් එකතු කර ගන්නකෝ එහෙනම් ඔය නම් ලැයිසුතිවට,මමත් සාඩම්බර බ්ලොග්කාරියක් වෙමි.
http://jeewaninilanka.wordpress.com

හෝ...හෝ... තව එකක් තියෙනවා මම දන්න,
http://srisenadheera.wordpress.com


බ්ලොග් අවකාශය තුළ දිගු කාලයක් රැදෙන්නට මගෙන් උණුසුම් සුභ පැතුම් .........!!!

Kavindya said...

කවුදෑ අනේ මේ මන්දාකිනි මම දන්න කෙනාද