මම පොඩිකාලේ ආසවෙලා හිටියේ මාළුකාරියක් වෙන්න. මම අපේ ගෙදරට බයිසිකලේ පෙට්ටියේ මාළු තියාගෙන එන මනුස්සයාට හරි ආසයි. ඒ මට මාළු කපනවා බලන්න ඕනි නිසා. පස්සේ මගේ පෙරැත්තය හින්දා අම්මා කපපු මාළු අපේ ගෙදරට ගන්න එක නැවැත්තුවා. මට මාළු කපන වැඩේ බාරගත්තා. දැනට වුනත් මම ආසාවෙන් කරන එක වැඩක් තමා මාළු කපන එක. දැනටත් මගේ මාළුකාරියක් වෙන අදහස නැතිවෙලා නෑ.
අපේ අයියා කියන්නේ දැන් මට කොල්ලෙක් එක්ක යාළුවෙන්න කාලේ හරිලු. ආදරයි කියන එක හරිම අමුතු දෙයක්. මට එහෙම දෙයක් තාම ඔළුවට එන්නේ නැත්තේ මොකද කියලා කියන්න මටවත් තේරෙන්නේ නෑ. මට ඒක හරිම අමුතුයි. මගේ යාළුවා ගලීට ඉන්න කොල්ලා ගලීගේ පස්සෙන්මයි. අපි කොහේහරි යන්න හැදුවත් ඒකා අපිත් එක්ක එනවා. හරිම කරදරයක්. ඒ වගේ කරදර ඇඟට දාගන්න එක භයානක නිසා මම ආදරය ගැන තාම හිතලා නෑ. අනික ඕක කොටිවලිගේ අල්ලගත්තා වගේනේ. අතාරින්නත් බෑනේ.
අද ලියන්න පටන් ගත්තේ කිසිම දෙයක් ගැන ලියන්නේ නෑ කියලා හිතාගෙන හිතට එන දේවල් ඔහේ මගේ පාඩුවේ ලියනවා කියලා හිතාගෙන කොහොමත් ලියන්න අයියා නැති වෙනකම් ඉන්න ඕනි. එයා මම ලියන දේවල් බලලා ඒවා ගැන එයාගේ අදහස් කියනවා. එතකොට මම ලියන්න ඉන්න එක වෙන පැත්තකට යනවා. ඒක නිසා මම ලියලා ඉවරවුනාම තමා අයියාට කියන්නේ. පස්සේ ඉතිං එයා ඒ ගැන අදහස් දැක්වුවත් මම ලියලා ඉවරයිනේ. ඒත් කවදාවත් අයියා මම හිතන හැටි වෙනස් කරලා නෑ. එයා කියන්නේ උඹට ඕනි නම් යන තැනක පලයන්. කියලා තාත්තා නැති අඩුව අයියා මට ඕනිටත් වඩා පිරිමහලා දෙනවා.
ලිව්වා ඇති. අදත් අයියා මේක දැක්කාම තමුසෙට මට බටර් ගාන්නේ නැතුව මුකුත් ලියන්න බැරිද ඕයි කියලා අහයි. කමක් නෑ අහපුවාවේ. ඊළඟ එක එයාට බැනලා ලියනවා. අදට ඇති. මම නවතිනවා.. අන්තිමට අකුරු ගොඩක් වුනාට ලියපු දෙයක් නැති ගානයි..
1 එක්වීම්:
මාර ආසාවක්නෙ තිබිල තියෙන්න... මම පළවෙනි පාරට ඇහුවෙ මාළුකාරියක් වෙන්න කැමති ලමයෙක් ගැන...
ඔයාගෙ අයියට වගේම තමා, කොහෙ හරි යන්න හදනකොට මගෙනුත් අම්ම අහන්නෙ අද එනවද කියල... ;)
Post a Comment